වයඹ ධීවර ඇමති සනත් නිශාන්තට ඇප

Wednesday, 28 January 2015 - 10:44

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය සනත් නිශාන්ත අද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරණ සමයේදී ආනමඩුව - ගරායක්ගම ප්‍රදේශයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාලයකට පහර දී අලාභ හානි සිදුකිරීම සහ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවන් හේතුවෙන් ඇමති සනත් නිශාන්ත ඊයේ (27) ආනමඩුව පොලීසියට භාරවුණා.