උතුරුමැද නව මහඇමති ලෙස පේශල ජයරත්න දිවුරුම් දෙයි

Wednesday, 28 January 2015 - 11:32

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%9A%E0%B7%81%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුරුමැද පළාතේ නව මහඇමතිවරයා ලෙස පේශල ජයරත්න නව ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේ අද (28) පෙරවරුවේ දිවුරුම් දුන්නා. උතුරුමැද පළාත් සභාවේ මහඇමතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේ එස්.එම්. රංජිත්.

පේශල ජයරත්න, උතුරුමැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස පසුගිය කාලය තුළ කටයුතු කළ අතර පසුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දීමත් සමග ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා. පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පේශල ජයරත්න මන්ත්‍රීවරයා දිගු කාලයක සිට උතුරුමැද පළාත් සභාව නියෝජනය කරනවා.

දිවුරුම් දීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නව මහඇමති පේශල ජයරත්න සදහන් කළේ පළාත් සභාවේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් තමන් නව ධුරයට පත්වූ බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දින 100යේ වැඩපිළිවෙල පළාත් සභාව තුළ සාර්ථක කර ගැනීම සඳහා කැප වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි උතුරුමැද පළාත් සභාව මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු ඇතුළත්. උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විපක්ෂය නියෝජනය කරන අතර ඉන් 11 දෙනෙකු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ද උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.