Update: අගවිනිසුරු ධුරයේ වැඩ ඇරඹූ ශිරාණි බණ්ඩාරනායක හෙට විශ්‍රාම යයි.

Wednesday, 28 January 2015 - 14:46

Update%3A+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%96+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායකට එම ධුරයේ කටයුතු කිරීම සඳහා පැවති බාධා රජය ඉවත් කර ඇති නිසා ඇය යළි සිය ධුරයේ වැඩකටයුතු භාරගත් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය ප්‍රකාශ කළේ කෙසේ වෙතත් ඇය හෙට දිනයේදී ධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවයි.

නව රජය බලයට පත්වීමත් සමග අගවිනිසුරු ධුරය පිළිබඳව රට තුළ කථාබහක් ඇතිවුණේ ජනවාරි 8 වැනිදා යෙදුනු ජනාධිපතිවරණ රාත්‍රියේදී අරලියගහ මන්දිරයේ සිදුවූවායැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධ සිද්ධියත් සමගයි. මෙතෙක් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් එදින රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ රැදී සිටි බවට විවිධ මත පළවුණා. නීතීඥ එකමුතුවද අද පස්වරුවේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවුණේ මෙතෙක් අග විනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස්ගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහායි.

අද (28) පස්වරුවේ මාධ්‍ය හමුව කැඳවූ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායකගේ ඉවත්කිරීම නීත්‍යානුකූලව සිදු කර නොමැති බව අවධාරණය කළා. එම නිසා ඇයට එම ධුරයේ කටයුතු කිරීමට පැවති බාධා රජය විසින් ඉවත් කළ බවයි එම මාධ්‍ය හමුවේදී නීතීඥ සංගමයේ සභාපති නිතීඥ උපුල් ජයසූරිය සඳහන් කළේ.



Update: Wednesday, 28 January 2015 - 07:26 PM
............................................................................
ශිරාණි බණ්ඩාරනායකට අගවිනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට තිබූ බාධා රජය ඉවත් කළා.  නී. සංගමය

ශ්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායකට එම ධුරයේ කටයුතු කිරීම සඳහා පැවති බාධා රජය විසින් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඇය එම ධුරයෙන් හෙට දිනයේදී විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවයි මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.