Update: අහිමිවූ තරු, පදක්කම්, ඡන්ද අයිතිය යළි සරත් ෆොන්සේකාට.

Wednesday, 28 January 2015 - 16:26

Update%3A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7.
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡන්ද අයිතිය සහ යුද හමුදාවේ ඔහුට හිමිව තිබූ පදක්කම්, තනතුරු සහ අනෙකුත් සියලූ වරප්‍රසාද හිමිවී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ලබාදුන් පූර්ණ සමාවට අනුව සරත් ෆොන්සේකාට ඡන්ද අයිතිය ලබාදීමට තීරණය කළ බවයි. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීමට ඔහුට ඉදිරියේදී අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් ඔහුට අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. එම මන්ත්‍රී ධුරයට පත්වී සිටින ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව මැතිවරණ මහ ලේකම් කාර්යාලය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට අහිමි කළ යුද හමුදාවේ ඔහු ලබාගත් පදක්කම්, තනතුරු සහ සියලූ වරප්‍රසාද ආරක්ෂක අමාත්‍යාංශය විසින් යළි පිරිනමා තිබෙනවා.  මේ යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකාට ඔහුගේ විශ්‍රාම වැටුප ඇතුලූ තනතුර අහිමිවන අවස්ථාවේදී යුද හමුදාවෙන් ඔහුට හිමිව තිබූ සියලූ වරප්‍රසාද හිමිවනු ඇති.



Update: Wednesday, 28 January 2015 - 07:19 PM
----------------------------------------------------------
ෆොන්සේකාට යළි ඡන්ද අයිතිය සහ යුද හමුදාවේ වරප්‍රසාදත් හිමිවේ.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡන්ද අයිතිය ලබාදීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයා ලබාදුන් පූර්ණ සමාවට අනුව මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ඡන්දය හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරිමට ඔහුට ඉදිරියේදී අවස්ථාව හිමිවන බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියා. මේ අතර, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට අහිමි කළ යුද හමුදාවේ ඔහු ලබාගත් පදක්කම්, තනතුරු සහ සියලූ වරප්‍රසාද ආරක්ෂක අමාත්‍යාංශය විසින් යළි පිරිනමා තිබෙනවා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකාට යළිත් ඡන්ද අයිතිය