ජාතික ආරක්ෂාවට මුල්තැන - ජනපති

Thursday, 29 January 2015 - 8:03

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රට සහ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රීය පදනම වඩා ශක්තිමත් කරමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිය ධුරයේ රාජකාරි ඊයේ (28) දිනයේදී ආරම්භ කරමින්. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය කාලයටත් වඩා ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ක්‍රියාත්මක කරන බවයි.