නීශා බිස්වාල් ලබන සතියේ දිවයිනට.

Thursday, 29 January 2015 - 12:51

%E0%B6%B1%E0%B7%93%E0%B7%81%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ලබන සතියේ මෙරටට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇය මෙරට සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ නව රජයේ ප්‍රධානීන් සමගද සාකච්ඡා කිරීමට නියමිත බවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මෙරට සංචාරය කරන පළමු සහ ඉහළම ඇමරිකානු රාජතාන්ත්‍රිකයාද වන්නේද ඇයයි.  මීට පෙර ඇය අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙනවා.