මොහාන් පීරිස් ඉවත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණා. ජා.නි.පෙ

Thursday, 29 January 2015 - 13:14

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අද අදහස් පළ වුණා.

ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක කියා සිටියේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් නීත්‍යානුකූලව ඉවත් නොකිරීම තුළින් මෙරට නීතියේ ආධිපත්‍ය විනාශ වී ඇති බවයි.

මේ අතර නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීම නිවැරදිද නැද්ද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇති බවයි.