යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

Thursday, 29 January 2015 - 13:19

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
යුරෝපා සංගමය පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරගැනීමට අදාළව ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පරිසර සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා හමුවී දැනට ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එහිදී යුරෝපා සංගම් නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනයට එරෙහිව සිය සංගමය පනවා ඇති තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි. මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමටද ලක්ව තිබෙනවා.

තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීමෙන් වැළකීම, වෙසල්ස් මොනිටරින් සිස්ටම් හෙවත් යාත්‍රා නියාමන පද්ධතියක් බහුදින ධීවර යාත්‍රාවලට සවිකිරීම ඇතුලූ වගන්ති 72 කින් සමන්විත යෝජනාවලියක් යුරෝපා කොමිසම පසුගියදා ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර තිබුණා. මෙම යෝජනා ක්‍රියාත්මක නොකළහොත් මෙරට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම තහනම් කරන බවට යුරෝපා සංගමය දැනුම්දී තිබූ අතර ඒ සඳහා මාස 3 ක කාලයක්ද ලබාදුන්නා. ඒ අනුව යුරෝපා සංගමය ජනවාරි 15 වැනිදා සිට මෙරට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවනු ලැබුවා. යුරෝපය වෙත මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය කරන දෙවන විශාලතම අපනයනකරු ශ්‍රී ලංකාවයි.