ක්‍රීඩා තරඟ විකාශය ගැන සෙවීමට කැබිනට් අනුකමිටුවක්

Thursday, 29 January 2015 - 19:52

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකා තුළින් ක්‍රීඩා තරඟ විකාශය සම්බන්ධයෙන් සෙවීමට ද කැබිනට් අනු කමිටුවක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්දීම සම්බන්ධයෙන් කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දින අත්අඩංගුවට ගැණුනු වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද එම මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළ කළා. අමාත්‍යවරයා ඒ පිළිබඳව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වෙලේ සුදා සම්බන්ධයෙන්ද සම්පූර්ණයෙන් විශ්වාසය තැබිය නොහැකි බවයි.