කුමාර් ගුණරත්නම් යළි ආගමන විගමනයට

Friday, 30 January 2015 - 8:10

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තෙවන දිනටත් අද ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා. සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ඊයේ (29) සහ පෙරේදා (28) ආගමන විගමන නිලධාරීන් ප්‍රශ්න කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කුමාර් ගුණරත්නම් නොයෙල් මුදලිගේ යන නමින්  ඕස්ට්‍රේලියානු රජය නිකුත් කළ ගමන් බලපත්‍රයකින් මීට පෙර දිවයිනට පැමිණියා. එහි වීසා කාලය ඉකුත්වීමෙන් අනතුරුවද මෙරට රැඳී සිටීම නිසා පසුගිය රජය ඔහුව  ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරනු ලැබුවා. කෙසේ වෙතත් ඔහු ජනාධිපතිවරණයට පෙර එනම්, ජනවාරි පළමු වැනිදා නැවතත් දිවයිනට පැමිණියේ පිටුවහල් කිරීමට හේතුවූ දඩමුදල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවීමෙන් අනතුරුවයි.