නව රජයේ ස්ථාවරය, ජගත් මානව හිමිකම් කොමසාරිස් වෙත පහදයි.

Friday, 30 January 2015 - 8:23

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවයි ජිනිවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ජනවාරි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා ජනාධිපති උපදේශක ජයන්ත ධනපාලගේ ජිනීවා චාරිකාව සිදුව තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මෙන්ම මානව හිමිකම් මණ්ඩලයේ සභාපති ජෝකීම් රුකර් මෙන්ම, මානව හිමිකම් මණ්ඩල කණ්ඩායමේ සියලූ සාමාජිකයන් ද ඔහු මුණ ගැසුණු බව සඳහන්.

මෙය ජනාධිපති විදේශ කටයුතු උපදේශක සිදුකළ තොරතුරු සොයා බැලීමේ චාරිකාවක් ලෙස ජිනීවා ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය හඳුන්වා තිබෙනවා. ජගත් මානව හිමිකම් මණ්ඩලය සහ එහි ප්‍රතිපත්තිවලට, ඵලදායි ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ. නව රජයේ දින 100 වැඩපිළිවෙල පිළිබඳව ද ජනාධිපති උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් සංවාදයක නිරත වීමට දෙපාර්ශවය එහිදී එකඟ වූ බව ජිනීවා නුවර ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළා.