මෑත ඉතිහාසයේ මහා වන්දනා ගමන, හිරු සිරිපා කරුණාව ඇරඹේ.

Friday, 30 January 2015 - 8:26

%E0%B6%B8%E0%B7%91%E0%B6%AD+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාවට මේ වනවිට සියළු කටයුතු සූදානම්. හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. අද (30) උදෑසන දිවයිනේ ප්‍රධාන නගර 6කින් පිටත්වන වන්දනා බස් රථවලින් එම පිරිස් සිරිපා කරුණා කිරීමට රැගෙන යන අතර, ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා. මාතර සිට සිරිපා කරුණාවට වන්දනා නඩය රැගත් බස් රථය පිටත් වන්නේ මාතර බෝධිය අසලින්.

අනතුරුව ගොඩගම, ගැලණිගම, හොරණ, ඉංගිරිය හරහා අවිස්සාවේල්ල දක්වා වන්දනා නඩයත් රැගෙන එම බස් රථය සිරිපා කරුණාවට එක් වනවා. කුලියාපිටිය, අස්වැද්දුම ශ්‍රී ශාසණාලංකාර විහාරස්ථානයෙන් පැමිණෙන වන්දනා නඩය කුරුණෑගල, මාවතගම, කටුගස්තොට, මහනුවර සහ පේරාදෙණිය නගර පසු කරමින් ශ්‍රී පාදය දක්වා ගමන් කිරීමට නියමිතයි.

අනුරාධපුරය - ජයන්ති විහාරස්ථානයෙන් ද, හිරු සිරිපා කරුණාව වෙත වන්දනා නඩයක් එක්වනවා.

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන්ද, වන්දනා නඩ රැගත් බස් රථ හිරු සිරිපා කරුණාවට එක් වනවා.

මේ සියළු වන්දනා නඩ එකට එක් වන්නේ හැටන් නගරයටයි. අනතුරුව ඒවා නල්ලතන්නිය දක්වා ගමන් කරන අතර, බදුල්ල, මුතියංගනය රාජමහා විහාරස්ථානයෙන් නික්මෙන වන්දනා නඩ රැගත් බස් රථ ද එම වේලාවටම නල්ලතන්නියට ළඟා වනු ඇති.

මෙම මහා වන්දනා චාරිකාවට සමගාමීව රටපුරා විසිරුණු සැදැහැවතුන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුතු සිදුකිරීමට හිරු එෆ්.එම්. තීරණය කළා. ඒ අනුව අද උදෑසන වන්දනා බස් රථ පිටත්වන මාර්ගයේම අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථයට ඉදිරියෙන් ගමන් කරනවා. ඊට වන්දනාමාන කිරීමට පඬුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටින ජනතාවට අවස්ථාව සැලසෙනු ඇති. අෂ්ඨ පරිස්කාර රැගත් හිරු වන්දනා රථ ඔබේ නගරයට පැමිණෙන වේලාව පිළිබඳ විටින් විට හිරු හරහා දැනුවත් කිරීම් සිදුකෙරෙනවා. නන් දෙසින් පැමිණෙන වන්දනා නඩ සහ පූජා භාණ්ඩ නල්ලතන්නියට ළඟා වූ පසු සැදැහැ සිතින් සිරිපා කරුණා මහා වන්දනා චාරිකාව ආරම්භ වනු ඇති.