ඊජිප්තු - සිනායි කතරේ සන්නද්ධ ප්‍රහාරවලින් 26 ක් මරුට.

Friday, 30 January 2015 - 8:33

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+-+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+26+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
ඊජිප්තුවේ - සිනායි කතරේ උතුරුදිග ප්‍රදේශයට ඊයේ (29) එල්ල වූ සන්නද්ධ ප්‍රහාර රැසකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගාසා තීරයේ දේශසීමාව සලකුණු කරන ප්‍රදේශයේ සහ සිනායි අගනගරයේ සිදුවූ මෙම ප්‍රහාර අන්සාර් - බෙයිඞ් අල් මක්ඩිස් නමැති කල්ලිය එල්ල කරන්නට ඇතැයි සැලකෙනවා. කලින් අල්කයිඩා සංවිධානය සමඟ සම්බන්ධව සිටි ඔවුන් දැන් සබඳතා පවත්වන්නේ ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. කණ්ඩායම සමඟයි.