සුනාමි ගම්මානයේ ගින්නකින් දෙදෙනෙකු මරුට

Friday, 30 January 2015 - 9:01

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අම්පාර - සමන්තුර - වලතාපිටිය - ස්මයිල්පුර, සුනාමි ගම්මානය පිටුපස ප්‍රදේශයේ පැල්පත් නිවාසයක ඊයේ (29) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම නිවසේ පදිංචි පියෙකු සහ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි පියෙකු සහ අවුරුදු 3 ක කුඩා දරුවෙකුයි. තවත් තුවාල ලැබූ අවුරුදු 7 ක දැරියක් ද පිලිස්සුම් තුවාල ද සහිතව අම්පාර රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.