බැලූන ගමනකින් නව ලෝක වාර්තාවක්

Friday, 30 January 2015 - 9:07

%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හීලියම් වායුව පිරවූ බැලූනයක නැගී වැඩිම දුරක් ගමන් කිරීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ගුවන් නියමුවන් දෙදෙනෙකු සමත්වී සිටිනවා. පැසිෆික් සාගරය තරණය කරමින් මෙලෙස මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ ඇමෙරිකානු සහ රුසියානු නියමුවන් දෙදෙනෙකු වීම විශේෂත්වයක්. පසුගිය ඉරිදා ටූ ඊගල්ස් නමැති හීලියම් බැලූනයේ නැගී ජපානයෙන් නික්මුණු ඔවුන් අනිද්දා ඇමෙරිකාවට හෝ කැනඩාවට ගොඩබැසීමට අදහස් කළා. එහෙත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ බැලූනය හෙට දිනයේ මෙක්සිකෝවට ගොඩබැසීමට නියමිතයි. එම ගමන 1981 වසරේ සැතපුම් 5208 ක් ගමන් කොට පිහිටුවා තිබූ බැලූන ලෝක වාර්තාව බිඳ හෙලන අතර, නව දුර සැතපුම් 5260 කට ආසන්නයි.