Update: අගවිනිසුරු ශිරාණි ඉවත් කළ දෝෂාභියෝගය නිත්‍යානුකූල නැහැ. - අගමැති මැතිසබයට පහදයි.

Friday, 30 January 2015 - 15:05

Update%3A+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
මෙතෙක් අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පීරිස් ඉවත් කර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට 43 වන අගවිනිසුරු ලෙස කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථා සැලසීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට අද (30) විශේෂ ප්‍රකාශයක් කළා. ඒ, ඊට අදාළ හේතුද නිශ්චිතව පැහැදිලි කරමින්. ඔහු කියා සිටියේ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ක්‍රමවේදය නීත්‍යානුකූල නොවන බවයි. ඒ අනුව හිටපු අගවිනිසුරුවරියට යළි ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දුන් බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළා.            

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වසර දෙකක් පුරා හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බවට වන ස්ථාවරය ප්‍රකාශ කළ බවයි.



Update: Friday, 30 January 2015 - 07:25 PM
....................................................................................
හිටපු අගවිනිසුරුගේ ප්‍රකාශයක් ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

තානාපති ධුරයක් ලබාදෙන්නේ නම්, ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් තමාට ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (30) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ, හිටපු අගවිනිසුරුවරිය යළි ධුරයේ පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කරුණු සාකච්ඡා වන අතරතුරයි. අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ හිටපු අගවිනිසුරුවරයා එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි. මොහාන් පීරිස්ගේ අගවිනිසුරු ධුරය පිළිනොගන්නේ නම්, ආණ්ඩුව ඔහුට ඉල්ලා අස්වන්නැයි ප්‍රකාශ කළේ මන්දැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා. මෙම කතාබහ සිදුවන අතරවාරයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් අදහස් හුවමාරුවීම ද විශේෂත්වයක්.

අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කළේ අගවිනිසුරුවරයා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් පැවතුණේ නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට අවස්ථාව තිබූ බවයි. එසේ නොමැතිව කටයුතු කිරීම තුළින් සමස්ත අධිකරණ ක්ෂේත්‍රය තුළම ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, යළි නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය දා රාත්‍රියේ පෙර දැනුම්දීමකින් තොරව තම බිරිඳ ද සමඟ හිටපු අගවිනිසුරුවරයා අරලියගහ මන්දිරයට යාම ගැටළු සහගත බවයි.

මෙවැනි උණුසුම් තත්ත්වයක් ඇති වූයේ මොහාන් පීරිස් ඉවත් කළ ක්‍රමවේදය පිළිබද පාර්ලිමේන්තු විවාදයක් අදම අවශ්‍ය බවට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටීමත් සමගයි.

මේ අතර, මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ කථානායකවරයා පාර්ලිමේන්තුව යළි මිනිත්තු 10ක කාලයකට කල් තබනු ලැබුවා. මීට පෙර ද විනාඩි 20කට සභාව කල් තබනු ලැබුවේ පක්ෂ නායක රැස්වීමක් සදහායි.

Update: Friday, 30 January 2015 - 04:13 PM
....................................................................................
පාර්ලිමේන්තුව උණුසුම්වේ - විනාඩි 20 කල් තබයි

විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද (30) පස්වරුවේ විනාඩි 20ක කාලයකට කල් තැබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක නැවත එම ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සිටින අතරතුර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පක්ෂ නායක රැස්වීමක් කැදවන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුවයි පාර්ලිමේන්තුව කල් තබා ඊට අවස්ථාව සලසා ඇත්තේ.