හිරු සිරිපා කරුණාව නල්ලතන්නියට ළඟාවේ.

Friday, 30 January 2015 - 19:16

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව අද (30) උදෑසන ආරම්භ වුණා. මඟ දෙපස රැස්වූ අති විශාල ජනතාකගේ ගරු බුහුමන් ලබමින් එය මේ වන විට නල්ලතන්නියට ළඟා වෙමින් තිබෙනවා.

හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. අද උදෑසන දිවයිනේ ප්‍රධාන නගර 6කින් මෙම බැතිමතුන් සිරිපා කරුණාවට එක්වුණා. සියලූ පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්.   

මෙම මහා වන්දනා චාරිකාවට සමගාමීව රටපුරා විසිරුණු සැදැහැවතුන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකිරීමට හිරු එෆ්.එම්. තීරණය කළා. ඒ අනුව වන්දනා බස් රථ ගමන් කළ මාර්ගයේම අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථයට ඉදිරියෙන් ගමන් කරනු ලැබුවා. ඊට වන්දනාමාන කිරීමට සහ පඩුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටියේ අති විශාල ජනකායක්. තම නගරයට පැමිණි හිරු සිරිපා කරුණාවට ඔවුන්ගෙන් ලැබුණේ වන්දනීය ප්‍රතිචාරයක්. නන් දෙසින් නල්ලතන්නියට පැමිණෙන වන්දනා නඩ එම පූජා භාණ්ඩ ද රැගෙන සිරිපා කරුණාව ඇරඹීමට තව ටික වේලාවකින් සූදානමින් සිටිනවා.