පැකර් ලංකාවේ කැසිනෝව නවතයි

Saturday, 31 January 2015 - 8:20

%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිතව තිබූ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා. ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ. ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට සූදානම් වූ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්. හෝටල් සහ කැසිනෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් එම ආයෝජනය සිදුකිරීමට නියමිතව තිබූ අතර ඊට අදාළව බදු සහන ලබාදුන් වාර්තාවීමත් සමඟ ජේම්ස් පැකර් සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇති වුණා.
 
කෙසේ නමුත්, ජේම්ස් පැකර්ගේ ශ්‍රී ලංකා කැසිනෝ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම ප්‍රකාශ කළේ කැසිනෝ නොමැතිව හෝ වෝටර්ෆ‍්‍රන්ට් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවයි. එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අතුරු  අයවැයෙන් ප්‍රකාශිත බදු සහන සංශෝධනවලට අනුව දුෂ්කරතා ඇති විය හැකි නමුදු එය තවදුරටත් සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවයි. කොළඹ නගරයේ හදවත ලෙස සැලකිය හැකි භූමි භාගයක ඉදිවන මෙම දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය අගනුවර නිර්මාණ පරිසරය වෙනස් කිරීමට සමත් වනු ඇති බවත්, එමගින් වැඩිදුරටත් සදහන් කළා.