Update: හිරු සිරිපා කරුණාව අති සාර්ථව අවසන් වෙයි

Saturday, 31 January 2015 - 8:28

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව අද (31) නිමාවට පත්වුණා. ඊයේ උදෑසනින් ආරම්භ වුණු මෙම මහා වන්දනා චාරිකාව පස්වරුව වන විට නල්ලතන්නියට ළඟා වුණේ මඟ දෙපස රැස්වූ අති විශාල ජනතාවකගේ ගරු බුහුමන් ලබමින්.

හිරු එෆ්.එම්. සංවිධාන කළ මේ සුපින්බර වන්දනා චාරිකාවට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. සියලූ පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්.  

මෙම මහා වන්දනා චාරිකාවට සමගාමීව රටපුරා විසිරුණු සැදැහැවතුන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකිරීමට හිරු එෆ්.එම්. තීරණය කළා. ඒ අනුව වන්දනා බස් රථ ගමන් කළ මාර්ගයේම අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථයට ඉදිරියෙන් ගමන් කළ අතර, ඊට වන්දනාමාන කිරීමට සහ පඬුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටියේ අති විශාල ජනකායක්. නල්ලතන්නියේ සිදුකෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව ඊයේ රාත්‍රියේ මෙම මහා වන්දනා නඩය සිරිපා කරුණා කළා. දැන් ඔවුන් සිරිපා කරුණාව නිමවා නල්ලතන්නියෙන් නික්මුණු බවයි මෙම වන්දනා චාරිකාවට එක්ව සිටින හිරු විශේෂ වාර්තාකරු කණිෂ්ක මීගස්මුල්ල ප්‍රකාශ කළේ.

Update: Saturday, 31 January 2015 - 2:08 PM
...........................................
හිරු සිරිපා කරුණාව අදින් අවසන්

ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාවේ අවසන් දිනය අදයි. ඊයේ (30) උදෑසනින් ආරම්භ වුණු මෙම මහා වන්දනා චාරිකාව පස්වරුව වන විට නල්ලතන්නියට ළඟා වුණේ මග දෙපස රැස්වූ අති විශාල ජනතාවකගේ ගරු බුහුමන් ලබමින්.

හිරු එෆ්.එම්. සංවිධාන කළ මේ සුපින්බර වන්දනා චාරිකාවට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. සියලූ පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්.

මෙම මහා වන්දනා චාරිකාවට සමගාමීව රටපුරා විසිරුණු සැදැහැවතුන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකිරීමට හිරු එෆ්.එම්. තීරණය කළා. ඒ අනුව වන්දනා බස් රථ ගමන් කළ මාර්ගයේම අෂ්ඨ පරිස්කාර රැගත් රථ පෙළක්ද, බස් රථයට ඉදිරියෙන් ගමන් කළ අතර, ඊට වන්දනාමාන කිරීමට සහ පඩුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටියේ අති විශාල ජනකායක්. නල්ලතන්නියේ සිදුකෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව ඊයේ රාත්‍රියේ මෙම මහා වන්දනා නඩය සිරිපා කරුණා කළා.