අගවිනිසුරු පත්කිරීමේදී නව ක්‍රමයක්

Saturday, 31 January 2015 - 8:30

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික හෙළ උරුමයේ විශේෂ නියෝජිත මහ සමුළුවක් මහරගම තරුණ සේවා රඟහලේදී ඊයේ (30) පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ කියා සිටියේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට ගෞරවාන්විතව සමුගැනීමට ආණ්ඩුව අවස්ථාවක් ලබාදුන් බවයි. ප්‍රබල රටක තානාපති ධුරයක් ඉල්ලූ ඔහු පසුව ගැටළුකාරී ලෙස කටයුතු කළ බව රතන හිමියන් සදහන් කරනවා. ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව ප්‍රකාශ කළ උන්වහන්සේ ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් අනුව අගවිනිසුරුවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමයක් ඇති කර පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බව අවධාරණය කළා.