සරණාගතයන් ගෙන්වීම ගැන ඉන්දු - ශ්‍රී ලංකා සාකච්ඡා ඇරඹේ

Saturday, 31 January 2015 - 13:31

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් නැවත මෙරටට ගෙනඒම පිළිබඳ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් නවදිලිල්යේදී ඊයේ (30) පවත්වා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අතර මේ මස මුලදී සාකච්ඡාවක් පැවැත්වුණා. 1990 දශකයේදී යුද්ධය නිසා ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ සාකච්ඡාවකට එක්වී ඇත්තේ. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට ස්වේච්ඡාවෙන් නැවත මෙරටට පැමිණිම සඳහා අවස්ථාවක් ලබාදීම පිළිබඳවයි අවධානය යොමුව ඇත්තේ. ඊට බලපාන විවිධ ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙම වැඩපිළිවෙල සඳහා සහායවීමට සූදානම් බව ජගත් සරණාගත කොමිසම ප්‍රකාශ කර තිබෙනවා. යුද සමයේ ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයක් පමණ සිටින අතර ඔවුන් අතුරෙන් 68,000ක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල වාසය කරනවා.