ගෝඨාගේ අලි පැටවුන් දෙදෙනා පින්නවලට

Saturday, 31 January 2015 - 19:17

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සතුව සිටි අලි පැටවුන් දෙදෙනා තමන්ට රැකබලා ගැනීමට නොහැකි බව පවසමින් පින්නවල අලි අනාථාගාරයට භාරදුන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. අද (31) කොළඹ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අලි පැටවුන් දෙදෙනා පින්නවල අලි අනාථාගාරයට භාරදීමට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ට දුරකතනයෙන් ඒ බව දැනුම්දුන් බවයි.

මේ අතර, පසුගියදා කිරුළපන - පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ඇලන්මැතිණියාරාමයේ සහ රත්නපුර - පැල්මඩුල්ල ධර්මපාල විද්‍යාලය අසල නිවසක රඳවා සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි නිලධාරීන් භාරයට ගනු ලැබුවා. මෙම අලි රඳවා සිටි ස්ථාන හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මහරගම විපස්සනාරාම විහාරස්ථානයේ සිටින අලි දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කළා. ඉන් එක් අලියෙකුට බලපත්‍රයක් පැවතුනද අනෙක් අලියා සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි එම අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කළේ.

කෙසේ නමුත්, ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න සඳහන් කළේ වන අලින් 140 කට ආසන්න ප්‍රමාණයක් තවමත් නීතිවිරෝධී අයුරින් ඇතැම් පුද්ගලයන් ළඟ තබාගෙන සිටින බවට තොරතුරු වාර්තා වන බවයි.