මෙම ඉල්ලා අස්වූයේ නැත - මොහාන් පීරිස් කියයි

Sunday, 01 February 2015 - 8:28

%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD+-+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් කිසි විටෙකත් අගවිනිසුරු ධුරය අත්හැර හෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බව මොහාන් පීරිස් පවසනවා. ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය තනතුරට සහ කාර්යාල පරිශ්‍රයට දිගින් දිගටම එල්ල වූ දැඩි බාහිර බලපෑම් හමුවේ තමන් ඉන් ඉවත්ව සිටි බවයි.  

ශිරාණි බණ්ඩාරනායක 2013 වසරේ ජනවාරි 11 වැනිදා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කෙරුණේ පාර්ලිමේන්තු දෝෂාභියෝග ක්‍රියාවලියක් තුළින්. ඉන් දින 4 කට පසුව හිටපු නීතිපතිවරයෙකු වූ මොහාන් පීරිස් සිය ධුරයේ දිවුරුම් දුන්නා.  

කෙසේ නමුත් නව රජය තීරණය කළේ ශිරාණි බණ්ඩාරනායක මෙරට 43 වන අගවිනිසුරුවරිය බවයි. ඒ අනුව මොහාන් පීරිස්ගේ පත්වීම නීත්‍යානුකූල නොවන බව තීරණය වුණා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සිය ධුරයේ වැඩ භාරගෙන පසුගිය 29 වැනිදා විශ්‍රාම ගත්තා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ 44 වන අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු   කේ. ශ්‍රීපවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.