Update: තෙල් නළ කාන්දුව පිළිසකර කෙරේ

Sunday, 01 February 2015 - 8:52

Update%3A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩාව වෙත දිවෙන තෙල් නළයේ සිදුවූ තෙල් කාන්දුව යථා තත්ත්වයට පත් කර තිබෙනවා. අද (01) පෙරවරුවේ මෙම තෙල් කාන්දුව සිදුවූයේ ඔරුගොඩවත්ත කම්බිකොටුව කාලි කෝවිල ආසන්නයේදියි. ගුවන් යානා ඉන්ධන සහිත නෞකාවකින් තෙල් ගොඩබාමින් සිටින අවස්ථාවේදී මෙම කාන්දුව සිදුව ඇති අතර නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ මැදිහත්වීම මත එය කඩිනමින් යථා තතත්වයට පත් කිරීමට හැකිවූ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති රොෂාන් ගුණවර්ධන සඳහන් කළා. 

Update: Sunday, 01 February 2015 - 12:47 PM
...............................................
සපුගස්කන්ද තෙල් නළයේ කාන්දුවක්

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩාව වෙත දිවෙන තෙල් නළයේ කාන්දුවක් සිදුව තිබෙනවා.  ඔරුගොඩවත්ත - කම්බිකොටුව - කාලි කෝවිල ආසන්නයේ මෙම ඞීසල් නළයේ කාන්දුව සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. තෙල් සංස්ථාවේ නිලධාරීන් සහ පොලීසිය එක්ව තෙල් නළය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.