අයි.එස්. ත්‍රස්තයන් ජපන් මාධ්‍යවේදියාගේ ගෙළ සිඳ මරයි

Sunday, 01 February 2015 - 9:06

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් විසින් සිරියාවේදී රඳවාගනු ලැබූ ජපාන ජාතික මාධ්‍යවේදී කෙන්ජි ගොටෝ ගෙළ සිඳ ඝාතනය කර තිබෙනවා. එම වීඩියෝ පටයක් අයි.එස්. සංවිධානය අන්තර්ජාලයට එක්කර ඇති අතර සිද්ධිය ලොව පුරා විරෝධයට ලක්වුණා. ජපාන අගමැති ෂින්සෝ අබේ කියා සිටියේ සිය රට කිසිවිටකත් ත්‍රස්තවාදයට අවනත නොවන බවයි. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයද අයි.එස්.වරුන් ජපාන මාධ්‍යවේදියා ඝාතනය කිරීම හෙළා දැක තිබෙනවා. ජපන් ජාතිකයන් දෙදෙනෙකු පසුගිය කාලය තුළ අයි.එස්.වරුන් රඳවාගෙන සිටියා. කෙන්ජි ගොටෝ පසුගිය ඔක්තෝම්බරයේ සිරියාවට ගොස් ඇත්තේ එලෙස රඳවාගත් හරුනා යකවා නැමති ජපන් ජාතිකයා නිදහස් කරගැනීමේ අරමුණින්. එහෙත් ඔහුද පසුව අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයට ලක්වුණා. ජපන් ජාතිකයන් දෙදෙනා නිදහස් කිරීම සඳහා අයි.එස්. සංවිධානය ඩොලර් මිලියන 200 ක කප්පමක් ඉල්ලා තිබුණා. ඒ සඳහා ලබාදෙන  කාල විරාමය බ්‍රහස්පතින්දා රාත්‍රියෙන් අවසන් වුණු බවයි ඔවුන් නිවේදනය කළේ. හරුනා යකවා පසුගිය සතියේ අයි.එස්. සංවිධානය විසින් ඝාතනය කරනු ලැබුවා. කෙන්ජි ගොටෝ නිදහස් කිරීම සඳහා අයි.එස්.වරුන් ජෝර්දානයේ රඳවාගෙන සිටින ඉරාක සන්නද්ධ සාමාජිකයෙකු නිදහස් කරන ලෙස ඉල්ලා තිබෙනවා. එහෙත් ජෝර්දානය කියා සිටියේ ඒ සඳහා අයි.එස්. සංවිධානය රඳවා ගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවෙකු නිදහස් කළ යුතු බවයි. කෙන්ජි ගොටෝ ඝාතනය කර ඇත්තේ එම හුවමාරුව අසාර්ථක වීමෙන් පසුවයි.