ජනපති කතරගම පුද බිමට

Sunday, 01 February 2015 - 15:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (01) ඓතිහාසික කතරගම පුද බිමට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් කිරිවෙහෙර වැදපුදා ගත් ජනාධිපතිවරයා අනතුරුව රුහුණු - කතරගම මහ දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ද සුව දුක් විමසා තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිහිටිකන්ද විහාරස්ථානයට ගොස් සෙල්ලකතරගම - උභය විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ද බැහැ දුටු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.   

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත වුණා. ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ, බුද්ධ මන්දිරය මෙන්ම ධාතු මන්දිරය අභියස පැවැති ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිවරයා එක්වී තිබෙනවා.