තවත් රජයේ වාහන 7ක් එළියට

Sunday, 01 February 2015 - 17:32

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
වාරියපොළ - ගලගෙදර ආර්ථික මධ්‍යස්ථානයේ තිබී රාජ්‍ය ආයතනවලට අයත් වාහන 7ක් සොයා ගැනීමට වාරියපොළ පොලීසිය අද (01) සමත් වී තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලීසියට ලද තොරතුරකට අනුව ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ තිබී මෙම වාහන සොයා ගත් බවයි. සොයා ගත් වාහන අතර කැබ් රථ සහ ලොරි රථ ද තිබෙන බවයි වාර්තා වන්නේ. කවුරුන් විසින් අදාළ වාහන මෙම ස්ථානයට ගෙන ආවේ ද යන්න පිළිබදව තොරතුරු විමර්ශනය සිදුකරන බවයි වාරියපොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.