හමුදා සෙබළුන් හතරක් දැලේ

Monday, 02 February 2015 - 7:47

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැළණිතිස්ස යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන හමුදා සෙබළුන් හතරදෙනෙකු මෝදර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් අදාළ කප්පම් මුදල් අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මුදල් ලබාදුන් බව කියන පුද්ගලයාගේ බිරිඳ මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ. තමාගේ නිවසට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කොට මෙලෙස කප්පම් මුදල් ඉල්ලූ බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ  අදාළ පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළා.               

මෝදර පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් අතර ලූතිනන්වරයෙක්ද සිටින බවයි.  මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි.