මොහාන් පිරිස් ගැන විවාදය අද මැතිසබයට

Monday, 02 February 2015 - 7:49

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7
අගවිනිසුුරු ධුරයේ මෙතෙක් කටයුතු කළ මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක චමල් රාජපක්ෂගෙන් ඊට අදාළව කළ ඉල්ලීමකට අනුවයි.

මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂය ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීම නිසා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා. පසුව පාර්ලිමේන්තුව මිනිත්තු 20 කට කල් දැමූ අතර, මිනිත්තු 30 කට පමණ පසුව යළි රැස්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා එකඟ වී තිබුණේ පෙබරවාරි 05 වැනිදා අදාළ විවාදය ලබාදීමටයි.

කෙසේ වෙතත්, යළි පාර්ලිමේන්තුව ආරම්භ වූ මොහොතේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගී සිටිමින් සිකුරාදා දිනයේ විවාදය අරඹා එක් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට හෝ කතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එහෙත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 05 වැනිදා විවාදය ලබාදෙන බවයි. දෙවැනිදා එය ලබාදෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක් කළද ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේ නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වෙන බව පවසමින්. අනතුරුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ද ඇති වුණා.