සිරියාවේ බෝම්බෙකින් 7ක් මරුට

Monday, 02 February 2015 - 8:27

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%99%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ ඩැමස්කස් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 20 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නැහැ. සිරියාවේ අභ්‍යන්තර ගැටුම් ආරම්භ වී වසරකට අධික කාලසීමාවක් තුළ සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂයක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එමෙන්ම සිරියාවේ සිවිල් වැසියන්ගෙන් හරි අඩක් පමණ අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.