මින්නේරියේ නිවසකින් තවත් සොයාගැනීමක්

Monday, 02 February 2015 - 10:41

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මින්නේරිය - සුදුකන්ද - නිකවැව ප්‍රදේශයේ නිවසක තිබී වටිනාකමින් අධික ලෝහමය නිමාවකින් යුත් තැටි දෙකක් සහ කෝප්පයක හැඩැති භාජනයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මින්නේරිය පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ අදාළ භාණ්ඩ පෞරාණික වටිනාකමකින් යුත් ස්ථානයකින් ලබාගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.