ගංජා ඇද්ද පොලිස් පරීක්ෂකවරයෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට

Monday, 02 February 2015 - 11:15

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගංජා තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් පරීක්ෂවරයෙකු ඇඹිලිපිටිය නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්. ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම ලොරි රථය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි සිටි දෙදනෙකු  ලොරිය දමා පළාගොස් තිබෙනවා. පසුව පොලීසිය එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු අදාළ පොලිස් පරීක්ෂකවරයායි.

මේ අතර තණමල්විල - බෝටාගම ප්‍රදේශයේ නිවසක ගබඩාකර තිබී ගංජා කිලෝග්‍රෑම් 104ක්  පොලීසිය ඊයේ සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ පුද්ගලයා මෙම ගංජා තොගය පොහොර කවර 3 ක බහා නිවසේ සඟවා තිබියදී සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.