මහින්දානන්දට සහ ක්‍රිකට් ආයතනයටත් එරෙහිව ජවිපෙ අල්ලස් කොමිසමට යයි

Monday, 02 February 2015 - 12:51

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, එම ආයතනයේ මූල්‍ය වංචා සිදුවී ඇති බව පවසමින්. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ චෝදනා 25 කින් සමන්විත පැමිණිල්ලක් අදාළ ආයතනවලට එරෙහිව ඉදිරිපත් කළ පසුගිය කාලයේ හම්බන්තොට - සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදි කිරීමේදී මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බවද  ඔහු ප්‍රකාශ කළා.