පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් ලැබෙන ලකුණු

Monday, 02 February 2015 - 12:55

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පෞද්ගලික අංශයේ සේවකයන්ටද විශ්‍රාම වැටුපක් ලබාදීම කෙරෙහි රජය දැඩි අවධානයකින් කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ  පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් නොමැතිකම හේතුවෙන් ඔවුන් තුළ කණස්සල්ලක් ඇතිවී තිබෙන බවයි. මේ නිසා විශ්‍රාම වැටුපක් පෞද්ගලික අංශයේ සේවකයන්ටද ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයේ නව රජය සිටින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.