මානව හිමිකම් සැසිය මාර්තු 2 සිට 27 දක්වා.

Monday, 02 February 2015 - 13:45

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+2+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+27+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
එක්සත් ජාතින්ගේ 28 වන මානව හිමිකම් සැසිවාරය මාර්තු මස 2 වැනිදා සිට 27 වැනිදා දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. මෙම සැසිවාරයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදුකරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ ප්‍රගතිය ඇතුලත් වාර්තාව මෙම සැසිවාරයට ඉදිරිපත් කරනු ඇති. පසුගිය වසරේ පැවති 25 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රිී ලංකාවට අදාළව ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමේ යෝජනාව සම්මත වුණා.

මෙම විමර්ශනයේදී යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කළ අතර අදාළ පරීක්ෂණ කිරීම සඳහා මෙරටට ඇතුලූවීමට එම පරීක්ෂණ කණ්ඩායමට අවසර හිමිවූයේ නැහැ.

මේ අතර යුද සමයේ මෙරට සිදුවූ බවට පැවසෙන සිද්ධීන් පිළිබඳව වගවීමේ යාන්ත්‍රණයක් පැවතිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අවධාරණය කරනවා. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක එරී කනෙකෝ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී කියා සිටියේ මෙම වගවීමේ යාන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සැකසිය යුතු බවට බෑන් කී මූන් ප්‍රකාශ කළ බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ මානව හිමිකම් සුරැකීමේ කටයුතු සඳහා ලක් රජයට සහයවීමට සූදානම් බවද මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. ගැටළු විසඳාගැනීම සඳහා නව රජය සමග තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවයි බෑන් කී මූන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් අවධාරණය කළේ.