වැලිකඩ බන්ධනාගාරයෙන් රහස් පොලීසියට පැමිණිල්ලක්.

Monday, 02 February 2015 - 14:01

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා සිදුවූ කළහකාරී සිද්ධියේදී රැඳවියන් 27 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලනයක් සඳහා වූ නීතීඥයෝ සංවිධානයේ නීතීඥයින් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගෝ රයිට්ස් නීතීඥ සාමුහිකයේ, ප්‍රධාන කළමනාකරු නීතීඥ සේනක පෙරේරා කියා සිටියේ  එම සිද්ධියට සම්බන්ධ වගඋත්තරකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.