මින්පසු අගවිනිසුරු පත් කරන්නේ ජනපති නොවේ - රජය

Tuesday, 03 February 2015 - 8:45

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA
අගවිනිසුරු ධුරයේ මෙතෙක් කටයුතු කළ මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට ද පටහැනිව අග්‍රවිනිශ්චකාරයෙකු බලෙන් එළියට දමා වෙනත් කෙනෙකු එම තනතුරට පත් කිරීමේ නාඩගම ශ්‍රී ලංකාවේ සෝචනීයම අවස්ථාව බවයි පාර්ලිමේන්ත මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

කෙසේ වුවත් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ශිරාණි බණ්ඩාරනායක නෛතික වශයෙන් ඉවත් නොවුණු බවත් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තකුවේ සම්මත වී නොමැති බවයි. මෙරට අධිකරණය විනාශ කළහොත් එහි පාපය තමාට ලැබෙන බව කී අමාත්‍යවරයා මින්පසු ජනාධිපතිවරයා විසින් අග්‍රවිනිශ්චකාරයාව පත් නොකරන බවත් එය ව්‍යවස්ථාදායක සභාව විසින් පිහිටුවන වෙනම කමිටුවක් හරහා පත් කරන බවයි පෙන්වා දුන්නේ.