ශ්‍රී ලංකාවේ යහපාලනය ගැන ජනාධිපති ඔබාමා පැහැදීමෙන් - නීෂා බිස්වාල්

Tuesday, 03 February 2015 - 8:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%93%E0%B7%82%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
ශ්‍රී ලංකාවේ නව පාලන තන්ත්‍රය පිළිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රමුඛ එරට රජය ඉතා පැහැදීමෙන් සිටින බව දකුණු ආසියානු කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පවසනවා. මෙරට සංචාරයක නිරත ඇය ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයට අදාළ තත්ත්වය පිළිබදව ඇමරිකානු රජය දැඩි විමසිල්ලෙන් සිටි බව ඇය මෙහිදී ප්‍රකාශ කළ බවයි. ප්‍රජාතන්ත්‍රවාදී නව පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබදව ඇමරිකානු රජය සතුටු වන බව ද දකුණු ආසියානු කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මෙහිදී සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සාකච්ඡා ඉතා ඉහළ තත්ත්වයකට ගෙන ඒමට උචිත වාතාවරණයක් ගොඩනැගී ඇති බවයි. මානව හිමිකම් පිළිබද ගැටළු සහගත අවස්ථාවලදී නිවැරදි අවබෝධයකින් යුතුව ඇමරිකාව ඒවාට ප්‍රතිචාර දක්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සංහිදියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම බවත් ඒ සඳහා ඉඩකඩ සහ කාලය ලබාගැනීමට මැදිහත් වන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, කොළඹ දී ඊයේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ අභියෝගවලට බිය නොවිය යුතු බවයි.