ශ්‍රී ලංකාවේ තත්ත්වය සතුටුදායකයි -ඇමරිකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලය

Tuesday, 03 February 2015 - 19:30

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA
රටේ වත්මන් වාතාවරණය පිළිබඳව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්  නීශා බිස්වාල් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා. දෙදින ශ්‍රී ලංකා සංචාරයක නිරතවූ ඇය අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරතවුණා.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වුණේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති නිල නිවසේදියි. මීට පෙර ඇය යාපනයේදී ඔවුන් හමුවන බවටයි වාර්තා පළව තිබුණේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම සාකච්ඡාවට ආර්. සම්බන්ධන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද එක්ව සිටියා. එහිදී මෙරට දෙමළ ජනතාවට පවතින ගැටළු සහ ජාතික ගැටළුව විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද දිවයිනෙන් පිටත්ව යෑමට පෙර සිය තුන්දින සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්.

පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ නියෝජිතයන්  රැසක් හමුවී සාකච්ඡා කළා. සිය සංචාරය පිළිබඳ අදහස් දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා සඳහන් කළේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ දේශීය යාන්ත්‍රණයක් මගින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සමඟ සාකච්ඡා කළ බවයි. ඊට  යහපත් ප්‍රතිචාර හිමිවීම සතුටට පත්විය හැකි කරුණක් බවද ඔහු කියා සිටියා.

ජනවාරි 09 වැනිදායින් පසුව වත්මන් රජය මූලික රාජ්‍ය පරිවර්තනයක් සඳහා යම් ඉඩකඩක් ලබාගැනීමට උත්සාහයක නිරතවීම සතුටුදායකයි. එහිදී නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමුකර උතුරු, නැගෙනහිර දෙපළාතට සිවිල් ආණ්ඩුකාරවරු පත්කිරීමට මෙන්ම, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා නව අගවිනිසුරුවරයෙකු පත් කිරීම ද යහපාලනය සඳහා ගත් සාධනීය පියවරක්. එසේම ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද දින සියයේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයට උපකාර කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳවද තමා අධ්‍යයනය කළ බව එහි මහ ලේකම් කමලේෂ් ෂර්මා සඳහන් කරනවා.