විපක්ෂ නායක තිස්ස බලන්න වැලිකඩට යයි

Tuesday, 03 February 2015 - 19:42

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිස්ස අත්තනායක සහ ප්‍රේමලාල් ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුවදුක් විමසීම සඳහා අද (03) විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා. විපක්ෂ නායකවරයා සමග ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, මහින්දානන්ද අලූත්ගමගේ, බන්දුල ගුණවර්ධන සහ ලලිත් දිසානායක ඇතුලූ  තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඒ සඳහා එක්වූ බවයි වාර්තාවන්නේ.

කූඨ ලේඛණ සකස් කිරීමේ වරදට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත නානායක්කාර ඊයේ නියෝග කළා. තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ කොළඹ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටි පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියකට මේ වනවිට හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.