දියණිය ඝාතනය කළ මාමා දුම්රියට පැන දිවි නසා ගනී

Tuesday, 03 February 2015 - 19:45

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ගාල්ල - ගිංතොට පාලම අසලදී දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇත්තේ දඩල්ල ප්‍රදේශයේදී තරුණියක ඝාතනය කළ සැකකරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා. ඔහු ඝාතනය ලක්වූ තරුණියගේ මාමා ලෙස මීට මීට පෙර හඳුනාගැනුනා.

ගාල්ල - දඩල්ල - මහමුදලි මාවතේ නිවසක සිටි තරුණියක අද අළුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ අතර එම අවස්ථාවේදී නිවසේ සිටි 48 හැවිරිදි ඇගේ මව සහ 20 හැවිරිදි ඇගේ සහෝදරයෙකු ද සැකකරුගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉස්සන් ව්‍යංජනයක් පිළිබඳ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්. මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති මියගිය තරුණිය, සිය මවගේ නිවසට පැමිණ ඇත්තේ මීට දින කිිහිපයකට පෙරයි.  

අසල නිවසක රැදී සිටි මියගිය 23 හැවිරිදි තරුණියගේ මාමා මෙම ඝාතනය සිදු කර ඇති බවට අද උදෑසන වනවිට පොලීසිය අනාවරණය කරගත්තා. මේ අතරතුරයි ගිං තොට පාලම අසලින් පුද්ගලයෙකු දුම්රියට පැන දිවි නසාගෙන ඇති බව වාර්තාවුණේ. ඝාතනය සිදුකළ සැකකරු මෙලෙස දිවි නසාගත්තාද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් සැකකරුගේ හිස කඳින් වෙන්ව ගිං ගඟට වැටී තිබීම නිසා ඔහු හඳුනාගැනීම අපහසුවී තිබුණා. වැඩිදුර පරික්ෂණවලින් අනතුරුව අද පස්වරුව වනවිට දඩල්ලේදී තරුණියක ඝාතනය කර ඇයගේ මවට සහ සොහොයුරාට තුවාල සිදුකිරීමෙන් අනතුරුව පළා ගිය මාමා මෙලෙස දුම්රියට පැන දිවි නසාගෙන ඇති බව තහවුරු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.