ජනාධිපතිවරුන්ට සන්නස් මගින් අලි ඇතුන් ලබාදීම වැරදියිලූ

Wednesday, 04 February 2015 - 7:34

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%96
ජනාධිපති බලතලවලට අනුව සන්නසකින් හෝ වෙනත් පාර්ශවයකට අලි ඇතුන් ලබාදීම ව්‍යවස්ථා විරෝධී බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරුන්ට සන්නසකින් පරිත්‍යාග කර හැක්කේ චංචල නොවූ නිශ්චල දේපල බවයි. අලි ඇතුන් නිශ්චල දේපල නොවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.