අභිමානවත්, 67 වන නිදහස් සැමරුම අදයි

Wednesday, 04 February 2015 - 7:49

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+67+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
67 වන ජාතික නිදහස් සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. පෙරවරු 6 යි තිහේ සිට ආගමික ස්ථානවල සර්ව ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබෙනවා.

මෙවර නිදහස් දින උළෙලේ ආචාර පෙළපාලිය සඳහා 6 000 කට ආසන්න භට පිරිසක් එක්වනවා. ඒ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින්. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 159 දෙනෙකු සහ සෙසු නිලයන් 3315කට වැඩි පිරිසක් ඊට එක්වන අතර සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලීසියේ 1500 කට ආසන්න පිරිසක් ආචාර පෙළපාලියට එක්වනු ඇති.