නිදහස් දින සිරකරුවන් 557 කට නිදහස

Wednesday, 04 February 2015 - 12:38

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+557+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
67 වන නිදහස් සැමරුම නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන් 557 දෙනෙකු නිදහස් කිරීම අද (04) සිදුකෙරුණා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම පිරිසට කාන්තා රැඳවියන් 17 දෙනෙකු ද අයත් බවයි. වැඩිම පිරිසක් නිදහස් කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයෙන්. එම සංඛ්‍යාව 58 ක්. ජනාධිපති පොදු සමාව යටතේ මෙම පිරිසට නිදහස හිමිවූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඊට අමතරව, අද දිනය දිවයිනේ බන්ධනාගාර 31 ක රැඳවියන් හමුවීමට එන ඥාතීන්ට විවෘත දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් ද රැඳවියන් 900 කට ආසන්න සංඛ්‍යාවකට පසුගියදා නිදහස හිමිවුණා.