විමල්ගේ නව පෙරමුණ කරළියට ?

Wednesday, 04 February 2015 - 18:50

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%3F
නිවැරදි විරුද්ධ පක්ෂයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර සන්ධානයේ පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ හෙට (05) නව දේශපාලන පෙරමුණක් පිහිටුවන බවට පැතිර යන ප්‍රචාර තමන් ප්‍ර‍්‍රතික්ෂේප කරන බවයි. හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ 4 ක් එක්ව හෙට නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇති බවට වාර්තා පළවුණා. හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, වාසුදේව නානායක්කාර නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙන්ම පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය මේ සඳහා එක්වන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණා.