ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

Thursday, 05 February 2015 - 8:36

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහජන සාමය හා ආපදා කළමනාකරන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. වත්තල ප්‍රාදේශීය සභාවේ පසුගියදා ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට විපක්ෂ නායකවරයා පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 130 ක් පමණ ලබාගත හැකිවනු ඇති බවයි ඔහු විශ්වාසය පළ කළේ.