ජෝර්දාන් රජු ඇමරිකානු සංචාරය අතහැර මව්රටට පැමිණේ

Thursday, 05 February 2015 - 10:00

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
ඇමරිකාවේ සංචාරයක නිරතවූ ජෝර්දානයේ අබ්දුල්ලා රජු සිය සංචාරය අතරමග නවතා දමා වහාම සිය රට බලා පැමිණ තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අයි.එස්. සටන්කාමීන්ගේ අත්අඩංගුවේ සිටි ජෝර්දානයේ ගුවන් නියමුවා පණපිටින් පුලූස්සා මරාදැමීමත් සමග අබ්දුල්ලා රජු මෙලෙස තම රට බලා පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ජෝර්දාන රජු , ඇමරිකානු සංචාරයේදී ජනාධිපති බැරැක් ඔබාමා හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම අමානුෂික ඝාතනය ලෝක නායකයන් රැසක් මේ වනවිට හෙළා දැක තිබෙනවා.