ආරක්ෂක හේතූන් මත වෙළේ සුදා අද අධිකරණයට නොගෙනේ

Thursday, 05 February 2015 - 12:50

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%9A
ආරක්ෂක හේතූන් මත ගම්පොල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා. ඒ, මත්කුඩු ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පනවා ඇති නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් හමුවේ අද විභාගයට ගැනුනු අවස්ථාවේදියි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ අද දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝගයක් පවතින බවයි.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂක හේතූන් මත සැකකරු අද (05) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව ප්‍රකාශ කළා. එහෙත් මත්කුඩු ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකරන වෙළේ සුදාගේ බිරිඳ වන ගයනි සුදර්ශනී සහ ඔහුගේ නැන්දණිය අද දිනයේ  අධිකරණය  ඉදිරිපත් කර තිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.