Update: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට

Thursday, 05 February 2015 - 16:43

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජාතික ඖෂධ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින්. මේ අනුව කඩිනමින් එය පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව අමාත්‍යවරයා අද (05) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු වෙළඳ නාමය යටතේ ඖෂධ අලෙවි කළ නොහැකි අතර, ඖෂධ මිල ගණන්වල විශාල පහළ යාමක්ද සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, චීන රජයේ ණය ආධාර මත ඉදිකෙරෙන කොළඹ වරායේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකළා.

එසේම සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමටත්, පසුගිය රජය යටතේ පැවති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලය අහෝසි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ප්‍රතිසන්ධානය පිළිබඳව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. තවද රුපියල් පනහේ සහතික මිල යටතේ වී මෙට්රික් ටොන් ලක්ෂ 02 ක් වී මිලදී ගැනීමේ මණ්ඩලය හරහා මිලදී ගැනීමටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.

මේ අතර, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් රුපියල් මිලියන 130 ක මුදලක් පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා. එසේම සී.එස්.එන්. රූපවාහිණි නාළිකාවට හිමිව තිබූ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් විකාශන අයිතිය ජාතික රූපවාහිණිය වෙත පැවරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඒ, අතුරු අයවැයෙන් ක්‍රීඩා නාළිකා සඳහා පැනවූ බද්ද ගෙවීමට නොහැකි බවට සී.එස්.එන්. නාළිකාව කර ඇති දැනුම්දීම හේතුවෙන්.



Update: Thursday, 05 February 2015 - 06:58 PM
.......................................................................

ජාතික ඖෂධ පනතට කැබිනට් අනුමැතිය - වරාය නගරය ඉදිකිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

ජාතික ඖෂධ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එමෙන්ම, චීන රජයේ ණය ආධාර ඇතිව ඉදිකෙරෙන කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමටද අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිදුකළ පරිසර වාර්තාවේ දෝෂ නොමැති බවට අග්‍රාමාත්‍යවරයා අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.

එසේම සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමටත්, පසුගිය රජය යටතේ පැවති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලය අහෝසි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළා.