අල්ලස් කොමිසමේ මන්දගාමීයි

Thursday, 05 February 2015 - 18:54

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B7%92
පාර්ශව කිහිපයක් අද දිනයේදීද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කළා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය, දූෂණ විරෝධී පෙරමුණ සහ ලංකා ගුරු සේවා සංගමය විසින්.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (05) පැමිණිල්ලක් ඉදිරිපත් කළේ විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් වැටුප් වැඩි කරගැනීමේදී මූල්‍ය වංචා සිදුකර ඇති බවට පවසමින්.

මේ අතර, හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනට සහ හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

දූෂණ විරෝධී පෙරමුණ අද පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඒ, ඔවුන් විසින් ගොනුකළ පැමිණිලි විමර්ෂණය කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අනුගමනය කරන නිද්‍රාශීලි පිළිවෙතට එරෙහිවයි. මෙම අවස්ථාවට නීතිඥ ශිරාල් ලක්තිලක, පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මීට අමතරව ඔවුන්ද ලංකා බැංකුවේ සිදුවු අක්‍රමිකතා සහ ජාතික කඩදාසි සමාගමේ සිදුවු මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද අද ඉදිරිපත් කර තිබුණා.